2012-02-22

Playboy නිරූපිකාව Reebok ප්‍රචාරණයටත්


කී‍්‍රඩා ආම්පන්න වෙළෙඳපොලේ ප‍්‍රමුඛතම සන්නාම නාමයක් වන “රීබොක්’ වෙළෙඳ දැන්වීමකට ජනප්‍රිය ප්ලේබෝයි නිරූපිකාවක් වන කෙලී බෲක් යොදාගෙන තිබෙනවා. රීබොක්හි නවතම හඳුන්වාදීම වන ඊසී ටෝන් නම් පාවහන් වෙළෙඳ දැන්වීමට ඇය සිය දායකත්වය දක්වා තිබෙනවා.

මෙම ඊසි ටෝන් පාවහන් පුහුණුකරුවන් සඳහාම විශේෂිත පාවහන් විශේෂයක් බවයි රිබොක් ආයතනය පවසන්නේ. කෙසේ වුවද එම වෙළෙඳ දැන්වීමේ එක් අවස්ථාවකදී ඇය රග්බි විනිසුරුවන් අඳින ආකාරයෙන් ඇඟට හිර වූ කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී ඊයම් පැහැති රග්බි පන්දු සහිත පෙට්ටියකට බැස සිටිනවා.

ස්ට්‍රෝබෙරි හා රග්බි යන තේමාව යටතේ සිදුකර ඇති මෙම රූගතකිරීම කෙලී බෲක් පළමු වර “රීබොක්’ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියේ වර්ෂ 2009යි. රග්බි කී‍්‍රඩාව හා බෲක් අතර සම්බන්ධයද අද ඊයේ එකක් නොවන බවයි වාර්තා වන්නේ.

ඒ එංගලන්ත රග්බි තරුවක් වන ඩැනී සිප්රියානි සමඟ වසර 2ක් පුරාවට ඇයි හොදැයිකම් පැවැත්වූ ඇගේ වත්මන් පෙම්වතා වන තොම් එවන්ස් ද ස්කොට් ජාතික රග්බි තරුවක් වන බැවිනි










































No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.