2012-02-22

බඹරෙකුගෙන් කුඩා දරුවෙකුට ලිංගික අතවර - දරුවා මරුට

බඹර ප‍්‍රහාරයකට ලක්වු බව පවසමින් රෝහල් ගත කළ කුඩා දරුවෙකු මිය යාමෙන් පසු ඔහුගේ මරණයට හේතුව එය නොව බරපතල වදහිංසනයන් බව හෙළිව තිබෙනවා. බණ්ඩාරවෙල දිසා රෝහලේ සිට දියතලාව මූලික රෝහලට මාරු කර යැවුණු මෙම දරුවා අද පස්වරුවේ බදුල්ල මහ රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් තිබුණා. බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ වාසය කළ පස් හැවිරිදි දරුවෙකු වු මොහු ඉකුත් දා රෝහල් ගත කර තිබුණේ බඹර ප‍්‍රහාරයකට ලක්වු බව පවසමින්.
දියතලාව මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත සුභසිංහ මහතා පැවසුවේ මොහු කාලයක සිට බරපතල ලිංගික අපයෝජනයන්ට ලක්වු සලකුණු ශරීරයේ දක්නට ලැබුණු බවයි. එසේම ඔහුගේ ශරීරයේ බරපතල පිළිස්සුම් තුවාල මෙන්ම දෙපාවලට ඇණ ගැසු සලකුණු ද වු බව වෛද්‍ය නිලධාරියා කියා සිටියා. දරුවාගේ පියා විසින් ඔහු මවගෙන් ලබා ගෙන කලක් සිය ඥාති නිවසක රඳවා තිබු බවට මේ වන විට හෙලිව තිබෙනවා. සිද්ධිය පිලිබඳ වැඩිදුර පරික්‍ෂණ බණ්ඩාරවෙල පොලිසිය මගින් ක‍්‍රියාත්මකයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.