2012-03-01

ජිනා මැඩ්මගේ නඩුව - හය වැනිදා දක්වා යළි රිමාන්ඩ්


කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසාහි 7 හා 8 මහල්වල සුපිරි ගණිකා මඬමක් පවත්වා ගෙන ගිය රොස්මරී ජූඞ් පෙරේරා නොහොත් ජිනා මැඩම් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට පවරා ඇති නඩුව ලබන මාර්තු 06 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා අද (01) නියෝග කළා. දේශීය හා විදේශීය කාන්තාවන්
11 දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුලූව අධි චෝදනා 61 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින්  පවරා තිබුණා.
මර්වින් පෙරේරා, සුගත් කුමාර කරුණාරත්න, දිනේෂ් සම්පත් හා මල්ලවආරච්චි රිෂී යන සිවුදෙනා ජිනා මැඩම්ට අමතරව මෙම සිද්ධියේ විත්තිකරුවන් බවට පත්ව සිටිනවා. නඩු භාණ්ඩ ලෙස කොන්ඩම් 86ක්ද පොලිසිය විසින් මෙම නඩුවට ඉදිරිපත්කර තිබුණා. 
පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් මෙම ගණිකා නිවස වැටලීම සිදුකළ අතරල අදාළ වැටලීමට පොලිසියේ නිලධාරීන් 38 දෙනෙකුගේ සහය ලැබුණා.
එහිදී ගණිකා වෘත්තියේ යොදවා සිටි උස්බෙකිස්ථානු කාන්තාවන් 07 ක් හා චීන කාන්තාවන් 02ක් හා මෙරට කාන්තාවන් 03 දෙනෙකු ද අත්අඩංගුවට පත් වුණා. මෙම නිවාසයේ සේවය කළ කාන්තාවකගේ දිනක ආදායම රුපියල් 75,000 ක් පමණ වූ බවත් ඉන් 10% ක් අයිතිකාරියට ගෙවිය යුතු වුණා. ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ ජිනා මැඩම්ගේ සුපිරි ගණිකා නිවාස සඳහා නිවාස 10ක් ජිනා මැඩම් සතුවූ බවත් ඒ සඳහා ඇය විසින්  මසකට රුපියල් ලක්ෂ 30 ක් කුලී ගෙවා ඇතැයි ද මේවන විට හෙලිව තිබෙනවා.
දෛනික සේවාදායකයන්ට රුපියල් ලක්ෂ 5, 10 හා 15 වශයෙන් පැකේජයන් සකසා තිබූ බවත් කාන්තාවන් සැපයීමට අමතරව කෑම මත්පැන් නවාතැන් පහසුකම් ද සේවාදායකයන්ට සපයා තිබේ. අදාළ ගණිකා නිවස වැටලූ අවස්ථාවේදී උස්බෙකිස්ථාන ජාතික කාන්තාවන් තිදෙනෙකු ද අත්අඩංගුවට පත් විය. 
ගම්බද තරුණියක් ගණිකාවක් බවට පත්කිරීමට කුට්ටනය කිරීම සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් විත්තිකාරිය එරෙහිව නඩුවක් පවරා ඇති අතර එම නඩුවද මාර්තු 06 දක්වා කල්දැමීමට මහාධිකරණ සුනිල් රාජපක්‍ෂ මහතා අද නියෝග කළේය. මේ නඩුවට අදාල සාක්‍ෂි අද අධිකරණයට ඉදිරිපත් කළේය. විත්තිකාරිය  මාර්තු 06 දක්වා රිමාන්ඩ් භාරයට පත්කළාය.
මුලාශ්‍රය - ශ්‍රී ලන්කන්මිරර්.කොම්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.