2013-06-02

රූමත් කොස්තාපල්වරියගේ නිරුවත් වීඩියෝව රසවිඳින පොලිස් ලෝක්කෝ


ජංගම දුරකථන, සංයුක්ත තැටි, සැනෙලි ධාවක (පෙන් ඩ්‍රයිව්), පරිගණක ආදියේ මෙන්ම වෙනත් මොනයම් හෝ ක්‍රමයකට අසභ්‍ය ඡායාරූප හෝ  දර්ශන තබා ගැනීම ලංකාවේ පවතින නීතිය හැටියට වරදකි. එවැනි වරදවල් සඳහා මාස හයක සිරදඬුවමකට පවා යටත් කළ හැකිය.
සිවිල් මහජනතාවට එරෙහිව මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ ‍පොලීසියය. නමුත් ‍පොලීසියේ නිලධාරීන්ට එරෙහිව මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුරුන්දැයි ඇත්තේ ගැටලුවකි. 
මේ ගැටලුව අප මතු කළේ වෙන කිසිවක් නිසා නොව මේ දිනවල ‍පොලීසියේ  නිලධාරීන් බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවල අසභ්‍ය දර්ශන සහිත යම් රූප රාමු වගයක් සංසරණය වන බවට ආරංචියක් ඇති නිසාය. කොස්තාපල්ගේ පටන් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති  දක්වා විවිධ තරාතිරම්වල නිලධාරීන් බොහෝ දෙනකුගේ ජංගම දුරකථනවල එම දර්ශන ඇති බවද සඳහන්ය. 
මෙම අසභ්‍ය දර්ශනවල අඩංගු වන්නේ  ‍පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ නිරත සුරූපී ‍පොලිස් කොස්තාපල්වරියක් සිය පෙම්වතා සමග යහන්ගතව සිටින  අයුරු දක්වන රූපාවලියකි. සුරූපී ‍පොලිස් කොස්තාපල්වරිය පෙම්වතා සමග අනග රැඟුම් පාන ඒ රූප රාමු පෙළ පටිගත කර බෙදාහැරියේ කවුරුන්දැයි සොයා බලනවා  වෙනුවට මේ  අයද සිය ජංගම දුරකථනවල ඇති දර්ශන රස විඳිමින් සතුටු වන බවද දැනගන්නට තිබේ. තවත් සමහරුන් එම රූප රාමු සම්බන්ධයෙන් ඇයට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ‍පොලීසියෙන් පලවා හරින බවට ඇයට තර්ජනය කර  බිය ගන්වමින් ඇය සමග යහන්ගත වන්නට උත්සාහ ගන්නා බවද සඳහන් වේ.
මෙසේ ඇය වරදට ‍පොළඹවා ගන්නට උත්සාහ  කරන අය අතර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් , නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් , ‍පොලිස් අධිකාරීවරුන් පවා සිටින බවද කියවේ. “නංගි ඔයා  කැමතිනම් මම මගේ ගෑනිව උනත් අතහැරල ඔයාව මගේ ළඟට ගන්නවා”  ඇයගේ රූපශ්‍රීයෙන්  කුල්මත් වූ ඇතැම් අය ඇගේ පහස ලබන්නට චාටු බස් දොඩවනවා යැයි කියන්නේ එසේය. ඒ තම තනතුරේ ගෞරවයද බල්ලාට දමමිනි. 
‍පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇති ආකාරයට අනුව මේ කොස්තාපල්වරිය තවමත් අවිවාහකය. ‍පොලිස් නිලධාරීන් අතින් අත යන්නේ ඇය සිය හමුදා පෙම්වතා සමග සිටි දර්ශන ඇතුළත් වීඩියෝවකි. එම වීඩියෝව ජංගම දුරකථන හරහා හුවමාරු වන්නට පටන්ගෙන ඇත්තේ ඇය හමුදා පෙම්වතාගෙන් වෙන්වීමත් සමගිනි. ඇතැම් විට ඒ වීඩියෝ දර්ශන ජංගම දුරකථන වෙත මුදා හැරියේ  හමුදා පෙම්වතාම විය හැකිය. ඒ ගැන සොයා බලනවා වෙනුවට ‍පොලීසියේ උසස් නිලධාරීන් එය දඩමීමා කරගනිමින් ඇයට බලහත්කාරකම් කිරීමට යාමෙන් නීතියට අනුව කරන්නේ ස්ත්‍රි දූෂණයකට තැත්කිරීමකි. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 363 බි වගන්ති ප්‍රකාරව බලහත්කාරකම් පෑම වසර විස්සක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි වරදකි. ගමේ ගොඩේ අහිංසකයෙකු මෙවන් බලහත්කාරකමක් කළේ නම් ‍පොලීසිය මුලින්ම කරන්නේ ඔහු කුදලාගෙන විත් කූඩුවේ දමා දිය හැකි උපරිමයෙන් දඬුවම්දීමට කටයුතු කිරීමය. 
එහෙත් ‍පොලිස් කාන්තා කොස්තාපල්වරියක්ව ‍පොලීසියේ නිලධාරීන්ම අමු අමුවේ මෙසේ ‘දූෂණය’ කරන විට ‍පොලීසිය සිටින්නේ ගොළුවන් බිහිරන් සේ නිහඬවය.  
අද මේ තරමට ‍පොලීසිය වල් වැදී පිරිහී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව පසුගිය කාලයේ සිටි විවිධ ‍පොලිස්පතිවරුන් එම තනතුරට නොගැළපෙන අකටයුතුකම්කර ‍පොලීසියම ගඳ ගස්සවා ගිය බැවිනි. ‍පොලිස් කොස්තාපල්වරියන්  ඔඩොක්කුවේ තබාගෙන නිල කාමරයේ අනග රැඟුම් පෑ ‍පොලිස්පතිවරුන් සිටි යුගයක්ද වූ බව තතු දත්තෝ දනිති. 
එකී හිටපු ‍පොලිස්පතිවරුන් ගිය මග යමින් පෙර කී සුරූපී කොස්තාපල්වරියගෙන් ලිංගික පහස විඳගන්නට බැගෑපත්වන   සහ බලහත්කාරකම් පා දුරකථන ඇමතුම් දුන් සෑම නිලධාරියෙකුගේම පාහේ ඇමතුම් පටිගත කරගන්නටද ඇය අමතක කර නැත. ඒ ඇගේ ආරක්ෂාව සඳහාය. ඇයට ඒ  කරන්නා වූ බලපෑම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුවන්නේ නම් ඇය ඒ හඬපටවල පිටපත් පවා එම පරීක්ෂණ කණ්ඩායම් වෙත ලබා දෙනු ඇත. ඒ ඇය සම්බන්ධයෙන් ආරක්ෂාව තහවුරු කිරීමකින් අනතුරුවය. 
වරක් ඇය ක්‍ෂේත්‍ර 
බළකා මූලස්ථානයේ 
ආරක්ෂක කුටියක සේවයේ නිරතව සිටියදී ඇය සමග සේවයේ නිරතව සිටි කොස්තාපල්වරයෙකු ඇය දෙස බලාගෙන ලිංගික කටයුත්තක යෙදී ඇත්තේ කිසිදු හිරිකිතයකින් තොරවය. ඒද ‍පොලිස් නිල ඇඳුමින් සිටින අතරතුරය. මෙවැනි අධමයන් මඩු වලිගයෙන් තලා නිර්වස්ත්‍රව මහමග ඇදගෙන යායුතුව ඇතත් ඔහු තවමත් ‍පොලිස් සේවයේ සිටින්නේ උසස් ‍පොලිස් නිලධාරියෙකුගේ පිහිටෙනි. ඒ එම උසස් ‍පොලිස් නිලධාරියාගේ හෝමාගම පිහිටි කුඹුරකත් කුරුණෑගල පිහිටි ‍පොල් ඉඩමකත් වැඩට, රාජකාරි වේලාවන් තුළම යන ‍පොලිස් කණ්ඩායමකට මේ නිලධාරියා ද අයත් වන බැවිනි. 
සිය බිරිඳගේ නමට ඇති ඒ ඉඩම්වල සේවයට මෙකී නිලධාරියා තමා යටතේ සිටින තෝරාගත් ‍පොලිස් කණ්ඩායමක් යවන්නේ රාජකාරී වේලාවන් තුළදීමය. ඒ ‍පොලිස් ට්‍රක් සහ ජීප් රථවල පටවාය. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නට වගකිව යුතු ‍පොලිස් ලොක්කෙකුට අවශ්‍යනම් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ නිරතව සිටින අර ‍පොලිස් නිලධාරීන් කුඹුරු කොටන්නට ගියේත්, ‍පොල් ඇහිදින්නට ගියේත් වැලිසර නාවික හමුදා මූලස්ථාන භූමියේ ඇති ‍පොලිස් පුපුරණ ද්‍රව්‍ය ගබඩාවට යන බවට ක්‍ෂේත්‍ර        බළකා මූලස්ථානයේ ‍පොත්පත්වල ව්‍යාජ සටහන් තබා බව හෙළිවනු නියතය.  ‍පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ ඇති ‍පොත්පත්වල වසර දෙකක කාලයක් පුරාවට ඇති ලොග් සටහන් සහ ඒ දිනවල වැලිසර නාවුක හමුදා කඳවුරේ ‍පොත්පත්වල එකී නිලධාරීන් කඳවුරට පැමිණීමේ සහ පිටවීමේ සටහන් පරීක්ෂා කිරීමෙන් බොහෝ දේවල් හෙළි කරගත හැකි වනු ඇත. එහෙත් ඉහළ ‍පොලිස් නිලධාරීන් රැසක්ම මේ කියන නිලධාරියාගේ ගජයන් බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වේවි දැයි ඇත්තේ සැකයකි. ඒ ඒත් සමගම තවත් බොහෝ ‍පොලිස් ලොක්කන්ගේ රෙදි ගැලවෙන්නට ඉඩ තිබෙන නිසාය.
ගයාන් කුමාර වීරසිංහ 
උපුටා ගැනීම ලක්බිමඔන්ලයින්
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=10804%3A2013-06-01-05-46-25&catid=48%3A2012-04-02-08-50-52&Itemid=75

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.