2013-07-30

නිශානි කුකී මොන්ස්ටර් බදා ගනී!


සිනමා, වේදිකා හා ටෙලි නිළියක වන නිශානි ගමගේට ලොවපුරා ජනප්‍රිය රූපවාහිනී මාලා නාටකයක් වන සෙසම් ස්ට්‍රීට් (sesame street)හි කුකී මොන්ස්ටර් හමුවී තිබෙනවා. ලැජ්ජාවෙන් ඇඹරෙමින් කුකී මොන්ස්ටර්, නිශානිව බදාගෙන ඇති බවද වාර්තා වනවා. ඔහු පමණක් නොව කුන්ෆු පැන්ඩාද ඇයට හමුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මොවුන් ඇයට හමුවී ඇත්තේ ඇය පසුගිය දිනක සිංගප්පූරුවේ කළ සංචාරයක් අතර වාරයේදීයි. නිශානිට, කුකී මොන්ස්ටර් හා කුන්ෆු පැන්ඩා හමුවූ බව හෙළිවුයේ ඇයගේ ෆේස්බුක් අඩවියේ තිබූ ඡායාරූප කිහිපයකිනි.
කෙසේවුවද මේ චරිත දෙකම සැබෑ චරිත නොවන බවද අප හෙළිකරගත්තේය. ඒවා සිංගප්පූරුවට පැමිණෙන සංචාරකයන් පිනවීමට නිර්මාණය කරන ලද අනුරූ නිර්මාණ බවයි වැඩිදුරටත් කරන ලද සොයා බැලීම්වලදී අනාවරණය වූයේ. 
කෙසේවවුද පසුගිය කාලයේ ටෙලි නිර්මාණ කිහිපයකටම දායක වූ නිශානි මේ දිනවල ගිහාන් රෝහණගේ අලුත්ම ටෙලියට දායකවී සිටින බවද වාර්තා වනවා. ඊට අමතරව ඈ සුරංග අල්විස්ගේ රජ හොරු සිනමා පටයට සීබා ලෙස රංගනයෙන් දායකවී තිබෙනවා. අර්ජුන කමල්නාත්ගේ දෙවැනි සිනමා පටය වන ආශාවේ මායා සිනමා පටයටද ඇය දායකව සිටිනවා.
වේදිකාවේද චරිත මවන නිශානි ටෙනිසන් කුරේගේ 'සිවම්මා ධනපාල' වේදිකා නාට්‍ය යේ සිවම්මා ලෙස රගන බවද පැවසේ.























No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.