2013-10-06

මම නන්දිමිත්‍ර නෙවෙයි වේලුසුමන - රාජපක්ෂ පරපුර වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා

කුමන බාධක පැමිණියද බෙලිඅත්තෙන් ආ තමන් රාජපක්ෂ පවුල හා මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවධාරණය කරනවා. 
අතීත රජ දවසේ දස මහ යෝධයින් රාජ්‍ය ආරක්ෂා කළ ආකාරයට තමා ද සිය වගකීම ඉටු කරන බව අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ බව පැවසීය. 
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය. 
“මම කවුද? මම නන්දිමිත්‍රත් නෙවෙයි මම වේළුසුමන. විහාර මහාදේවියට දොළ දුකක් ඇති වුණා එළාරගේ මහ සෙන්පතියාගේ ලේ තැවරිච්චි කඩුව ගෙනල්ලා ඒක දලා වතුර ටිකක් බොන්න. වේළුසුමන ගිහිල්ලා, එළාරගේ හමුදාවට බැඳිලා, සෙන්පතියාගේ බෙල්ල කපාගෙන කඩුව ගෙනල්ලා සෝදලා වතුර දුන්නා. ඒ වතුර බීලා තමයි දුටුගැමුණු බිහිවුණේ. ඒ වගේම තමයි අපේ ජනාධිපතිතුමා මට කියන ඕනම දෙයක්, එතුමා රකින්න, එතුමාගේ ඉදිරි ගමන සාර්ථක කරන්න, මේ බෙලිඅත්තෙන් ආපු මම මර්වින් සිල්වා. එතුමාත් රාජපක්ෂ පවුලත්, මේ ආණ්ඩුවත්, මගේ පන්තියේ ජනතාවත් මම රකින්න ප්‍රතිඥා දෙනවා. මෙන්න මේ රජරට පුරවරයේදී.” 

1 comment:

  1. තෝ වේළුසුමන මහා යෝධයාගේ එක වෘෂණ කෝෂයක මයිල් ගහක් තරම්වත් වටින්නේ නැති පාහරයෙක්.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.