2013-10-18

එයා බැඳලවුණත් මට තාමත් කතා කරනවා. - ශලනි පරණ පෙම්වතා ගැන කියයි

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින් වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාර සිය පළමු පෙම්වතා පිළිබදව හෙළිකර ඇත.
ඇය ඔහු ගැන හෙලිකර ඇත්තේ කලා පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
ඔහුගේ නම් ගම් හෙලි කිරීමට මැලිව ඇති ශලනි ඔහු විවාහක බව නම් හෙළිකර තිබේ.
එසේම ඔහු තාමත් තමාට දුරකතන ඇමතුම් ලබාදෙන බව හෙලිකර ඇත.
ඇයට ඔහු හමුවූයේ නිළියක වන්නට ප්‍රථම බවද පවසා ඇති ශලිනි ඔහු හමුවූයේ දේවස්ථානයකදී බවද කියයි.
තමා දේවස්ථානයේ වැඩවලට ඉතා කිට්ටුව කටයුතු කළ බවත් ඔහු හමුවූදේ එවැනි අවස්තාවක මංගල්‍යකදී බවද ඇය පවසා තිබේ.
ඒව විට ශලනි සිටියේ දහවැනි පන්තියේ බවත්, පැවසෙන අතර ඇගේ පෙම්වතා උසස් පෙළ හමාරකර සිටි බවද පැවසේ.
ඇය වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.
"චර්ච් එකේ තිබුණු මංගල උළෙලකට ඔහු ඇවිත් හිටියා. එදත් එහි තිබුණු මංගල්‍යයකට මම නැටුම් වගයක් ඉදිරිපත් කළා.ඔහුව මුලින්ම දැක්කේ මම නෙවෙයි. යාළුවො ලස්සන කොල්ලෙක් ඉන්නවා කියලා මට කිව්වා.යාළුවො ටික එකතු වුණාට පස්සේ විහිළුවට විවිධ දේ කරනවා. ඒ නිසා ඔහුට අපි පුංචි ජෝක් එකක් කළා. කොහොම හරි ඔහුව නෝන්ඩි කරන්න වගේ මගේ යාළුවො සියලු දෙනාම හිනාවුණා. මම විතරයි ඔහුට හිනා නොවුණේ."
"මම සාමාන්‍යයෙන් කිසිම කෙනෙක්ව මුලින්ම ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. මම ඒ පුද්ගලයාව දන්නේ නැත්නම් ඔහු හිනා වුණත් මම හිනා වෙන්නෙ නෑ. කතාබහ කරන්න යන්නෙත් නෑ.කොල්ලන්ව මම කොහොමත් ගණන් ගන්නේ නැහැ. ආඩම්බර කමකට නෙවෙයි. ඒ මගේ හැටි. පසු කාලෙකදි නම් ඔහු කිව්වේ ඔහුගේ හිත යන්න ප්‍රධාන හේතුව වුණේ ඒකයි කියලා. අනිත් අය හිනාවෙන අතරේ මං හිනා නොවී සිටි නිසා මට හිත ගියා කියලයි. එතන හිටිය අනිත් අය අතරේ මම කැපී පෙනුණා කියලත් ඔහු කිව්වා. ඔහුගේ දුරකථන අංකය මට දෙන්න කියලා මගේ යාළුවන්ට දීලා ගිහින් තිබුණා. අපි ඔහුට මුලින්ම කතා කළේ බයිට් කරන්න හිතාගෙනයි. මුලින්ම නම් කළ විහිළුවට ඔහු ඇන්ඳුනා. ඊට පස්සේ දිගින් දිගිටම ඔහු කතා කළා. මමත් කතා කළා.ඔව් මාස දෙක තුනක් වෙනකොට අපි හොඳ හිතවතුන් බවට පත් වුණා. ඒත් සමඟම ඔහු ගේ අදහස මට කිව්වා. ඒ වෙනකොට ඔහු පිළිබඳ යම් කැමැත්තක් මගේ හිතේ තිබුණා. ඒත් කිසිම දවසක එයාට මම ආදරෙයි කියලා නම් නෑ.මාස කිහිපයක් ගියාට පස්සේ අපි මේ සම්බන්ධය ගෙදරට කිව්වා. ඔහු මගේ මවත් සමඟ කතාබහ කළා. ඔහුගේ මවත් මා සමඟ කතාබහ කළා."














No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.