2013-10-18

පොළිස් දෙන්නයි විද්‍යූත් නාළිකා හිටපු සේවිකාවයි රිමාන්ඩ්

ග්‍රීන් ලංකා නැව්  සමාගමේ අධ්‍යක්ෂවරයකු වන බොරැල්ල ගෝතමී පාරේ වන ඩී ඩී ඒ නානයක්කාර මහතාගෙන්(42) රුපියල් තිස්පන්ලක්ෂයක කප්පමක් ගෙන තවත් රුපියල් ලක්ෂ හැත්තෑවක කප්පමක් ගන්නට තැත් කළැයි සැක පිට  අත්අඩංගුවට ගත්  පොලීසියේ දෙදෙනෙක් හා  විද්‍යුත් නාළිකාවක හිටපු සේවිකාවක ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
කිරුළපන පොලීසියේ  උප පරීක්ෂකවරයකු වු අම්බලන්ගොඩ වසන්ත ප්‍රේමකුමාර  සහ දෙහිවල හිල්ඩා පාරේ සැරයන් අතුල සරත්චන්ද්‍ර හා පෞද්ගලික විද්‍යූත් නාළිකාවක සේවිකාවක වු මාතලේ උතුරු උඩුවෙළ තාරුකී නදී කුමාරි විජේසිංහ(22)  එසේ රිමාන්ඩ් කළ තිදෙනා වෙති.
ප්‍රේමකුමාර  බම්බලපිටිය පොලීසියේ සුළු පැමිණිළි අංශයේ පරීක්ෂක ලෙසද  අතුල සරත්චන්ද්‍ර සැරයන් ලෙසද සිටියදී මාස තුනකට පමණ පෙර මේ සිද්ධිය වී ඇතැයි  පොලීසිය අධිකරණයට දැන්වීය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.