2013-12-07

මීළඟ ජනපතිවරණයට පෙර ෆොන්සේකාට ප්‍රජා අයිතිය

මීළඟ ජනාධිපතිවරණයට පෙර හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය ලබා දෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඔස්‌සේ දැන ගැනීමට හැකි වූ බව  දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරන ආකාරයට පුවත පහත පරිදි වේ. 
ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය ලබා දෙන ලෙස විපක්‍ෂයේ ප්‍රබල දේශපාලනඥයෙක්‌ සහ ආගමික නායකයන් කිහිපපොළක්‌ පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යුද අධිකරණ තීන්දුවකට අනුව 2010 වසරේ සිරගත කළ සරත් ෆොන්සේකා මහතා 2012 වසරේ මැයි මාසයේදී ජනාධිපති සමාව යටතේ නිදහස්‌ කරන ලදී.
ජනාධිපති සමාව යටතේ ෆොන්සේකා මහතා නිදහස්‌ වුව ද වසර හතකට (7) අහිමි කර තිබූ ප්‍රජා අයිතිය නැවත ඔහුට හිමි නොවීය.
මේ අනුව මැතිවරණ කටයුතුවල නියෑළීමට ෆොන්සේකා මහතාට හැකි වුවද, ඡන්දයකට ඉදිරිපත් වීමේ ප්‍රජා අයිතිය හිමි නොවීය.
විපක්‍ෂයේ දේශපාලනඥයාගේ සහ ආගමික නායකයන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය ලබා දෙනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.