2016-02-29

හිරුණිකාට අධිකරණයෙන් දැඩි අවවාද

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද තරයේ අවවාද කළා. ඒ, අධිකරණයට පැමිණෙන විට අධිකරණයට ගෞරව කර පැමිණෙන ලෙසයි. 

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව කොළඹ මහාධිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ අද විභාගයට ගැනුණා. ඒ අතරතුර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඇය හිස නමා අධිකරණයට ආචාර නොකළ බව තමන් නිරීක්ෂණය කළේ යැයි ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය කියා සිටියා. අධිකරණයට පැමිණෙන විට අධිකරණයට ගෞරව කර පැමිණෙන්නැයි ඇයට තරයේ අවවාද කෙරුණේ ඒ අනුවයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.