2017-01-16

විල්පත්තුවේ වන විනාශය ගැන සෙවීමට ගිය පිරිසකට නාඳුනන පිරිසකගෙන් තර්ජන

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව සිදු වන බව කියන වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය සිංහල ජාතික සංවිධානයේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමකට එම ස්ථානයට පැමිණි පිරිසක් බැන පලවා හැර ඇති බවට වූ පැමිණිල්ලක් ලැබී ඇතැයි වනාතවිල්ලුව පොලීසිය කියයි.

පසුගිය 15 වැනිදා සවස මන්නාරම - සිලාවතුරේ ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

තමන් ඇතුළු 10 දෙනෙකුගෙන් පමණ සමන්තිව කණ්ඩායමක් විල්පත්තුව ආශ්‍රිතව සිදුවන වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පිරිසක් තම කණ්ඩායමට බැන තර්ජනය කර පලවා හැරි බව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ගම්පහ - මුදුන්ගොඩ පදිංචි තුෂාර සිසිර කුමාර යන අය විසින් වනාතවිල්ලුව පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

තමන් ඇතුළු පිරිසට බැන වැදී තර්ජනය කළ පිරිස නොහදුනන බවද පැමිණිලිකරු පොලීසිය හමුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ මන්නාරම - සිලාවතුර පොලිස් වසමේ වන බැවින් තමන්ට ලැබී ඇති පැමිණිල්ල සිලවතුර පොලීසිය වෙත යොමු කිරීමට වනාතවිල්ලුව පොලීසිය කටයුතු කර ඇත. වැඩිදුර විමර්ශණ සිදු කෙරේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.