2011-12-11

විභාගයක පිළිතුරු පත‍්‍රයක රුපියල් පන්දහසක මුදල් නෝට්ටුවක්

නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකර සහකාර තනතුර සඳහා පැවැති තරග විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂිකාවක් විභාගය සමත් කර දෙන ලෙස ඉල්ලා පිළිතුරු පත‍්‍රයේ සූක්ෂම ලෙස රඳවා තිබූ රුපියල් පන්දහසක නෝට්ටුවක් සොයා ගැනුනා. පළාත්  රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් ඩබ්ලිව්.ජී. දිසානායක මහතා පැවසුවේ විභාගය සැප්තැම්බර් මස 11 වැනිදා පැවැත් වූ බවයි. පිළිතුරු පත‍්‍ර අධීක්ෂණය මේ දිනවල සිදු කෙරෙනවා. මුදල් නෝට්ටුවක් සමග තිබූ ලිපියක සඳහන් වූයේ තමන් දුප්පත් බවත්, විභාගය සමත් වීම තුළින් තම ජීවිතය පවතින බවයිx අපේක්ෂිකාව සතුව තිබූ රන් කරාබු දෙකක් උකස් කර එම මුදල සොයාගෙන තිබෙනවා. කොමිසන් සභාවේ ලේකම්වරයා පැවසුවේ අදාළ අපේක්ෂිකාවගේ ප‍්‍රතිඵල අවලංගු කිරීමට පියවර ගත් බවය