2012-01-26

Shihan's Wedding


සිරස සුපර් ස්ටාර් හරහා ජනපි‍්‍රයත්වයට පත් යොවුන් ගායක ශිහාන් මිහිරංග ඊයේ (25) හැඳල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදී විවාහ  දිවියට ඇතුළත් විය. ඔහුගේ අත ගත්තේ ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වාය. දසවසරක පෙමක් පළ දරමින් ශිහාන් හා ක්ලමෙන්ටා එක් වහලක් යටට එක්වුවද මේ කාතාව මාධ්‍යයෙන් වසන් කිරීමට ශිහාන් දැඩි ලෙස උත්සාහ කළ බවද වාර්තා වේ.

ක්ලමෙන්ටා ශිහාන් අධ්‍යාපනය ලද ද මැනොද් විදුහලේ කී‍්‍රඩා භාර ආචාර්යවරයා වන උපාලි සිල්වාගේ දියණියි. විවාහ මංගල්‍යයේ නිල ජායාරූප ගැනීම සිදුකර ඇත්තේ දයාන් විතාරන මහතා විසිනි. ශිහාන්ගේ මංගල්‍යට මල් කුමාරියෝ හෝ මල් කුමාරයෝ නොවීම ද විශේෂත්වයකි.