2011-12-24

බස්නාහිර පළාත් පෞද්ගලික බස් වර්ජනයට ජනපති අවධානය

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් වර්ජනය අවසන් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මැදිහත්ව සිටිනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ  සභාපති ගැමුණු විජේරත්න මහතා
පවසන්නේ උත්සවය සමය උදා වී ඇති බැවින් වර්ජනය අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා දුරකථනයෙන් ඉල්ලීමක් කළ බවයි. ඊට දක්වන ප‍්‍රතිචාරය කුමක්දැයි සංගමයේ සෙසු නිලධාරීන් සමග සාකච්ඡා කර මධ්‍යහ්න 12ට පෙර අවසන් තීරණයට එළැඹෙන බවද ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.