2011-12-24

ජවිපෙ මහා සමුළුව කුමන්ත‍්‍රණයක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් කැඳවන ලද විශේෂ මහා සමුළුව නිලධාරීන් කිහිපදෙනෙකු විසින් බලය තවදුරටත් රඳවා ගැනීමේ කුමන්ත‍්‍රණයක් බව කුමාර් පාර්ශ්වය චෝදනා කරනවා. එම පාර්ශ්වය මීට පෙර දිගින් දිගටම පෙන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මත ගැටුම් නිරාකරණය සඳහා විශේෂ මහා සමුළුවක් කැඳවිය යුතු බවයි.
එහෙත් කැඳවා ඇති මහා සමුළුව ඊට පටහැනි එකක් බව එම පාර්ශ්වයේ මාධ්‍ය ප‍්‍රකාශක පුබුදු ජයගොඩ මහතා පවසනවා. කුමාර් පාර්ශ්වයේ සාමාජිකයන්ට ඇරයුම් ලැබී නොමැති බවයි ප‍්‍රකාශ කෙරුණේ.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ මහා සමුළුව තිස්සමහාරාම දෙබරවැව මහජන කී‍්‍රඩාංගණයේදී ලබන ජනවාරි පළමුවැනිදා රැස්වන බව එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.