අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල භාර නොගන්නා ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිසුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර ප‍්‍රකාශ කළේ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ගැටළුව විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට ද ඍජුව බලපාන බවයි.
ප‍්‍රතිඵල නිකුත් කිරීමේ දී සිදුවු ගැටළු සහගත තත්ත්වයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා ව්‍යාපාරයක් කොළඹ දී අද පැවැත්වුණා. ඊට එක්වෙමින් සංජීව බණ්ඩර මේ බව ප‍්‍රකාශ කළා.
මේ අතර උසස් පෙළ විභාගයේ Z අගය සකස් කිරීම සඳහා යොදා ගත් සුත‍්‍රය වහා හෙළි කරන්නැයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටිනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේ එය වසන් කිරිමට බලධාරීන් උත්සහ දරන බවයි.
මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.