එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පක්‍ෂ විනය කමිටුව හමුවට කැඳවීමට නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නායක
රනිල් වික‍්‍රමසිංහ සහ මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන්ට පැමිණිලි ලැබී ඇති බවයි. පක්‍ෂයේ විනය සහ සමගිය උල්ලංගණය වන අන්දමින් දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇති බවයි එම පැමිණිලිවල සඳහන් වන්නේ. එමෙන්ම සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති ඡන්ද විමසීම ද දයාසිරි ජයසේකර මහතා විසින් අවස්ථා කිහිපයක දී ප‍්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබුවා. එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය ද නීත්‍යානූකූල නොවන බවටයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ විනය කමිටුව ජනවාරි මස මුල් සතියේ දී රැස්වීමට නියමිතයි. ඊට පැමිණෙන ලෙස දන්වා දයාසිරි ජයසේකර මහතාට මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් ලිපියක් යොමු කරනු ඇති.2011-12-28
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.