මහනුවර දිස්ත‍්‍රික්කයේ සිටින ඇතැම් ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් කලාතුරකින් දකින්නට ලැබෙන බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ‍්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇතැම් මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා අස්ගිරි විහාරයට පැමිණෙන අවස්ථාවලදී
පමණක් මහානායක හිමිවරුන් බැහැ දැකීමට පැමිණෙන බවයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උඩුගම ශ‍්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් බැහැ දැකීම සඳහා අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී උන් වහන්සේ මේ බව කියා සිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු එම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද අස්ගිරි මහානායක හිමියන්ගේ එම ප‍්‍රකාශයට සිනහා මුසු මුහුණින් ප‍්‍රතිචාර දැක්වු බවයි එහි සිටි අප වාර්තාකරු පැවසුවේ.2011-12-28
අස්ගිරි හිමියන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.