2011-12-21

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ පුරප්පාඩු පිරවේ

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධුර 4ක් සඳහා වූ පුරප්පාඩු ලබන ජනවාරි පළමුවැනිදා සිට සම්පූර්ණ කෙරෙනවා. වසර ගණනාවක් මහ බැංකුවේ සේවය කළ නිලධාරීන් හතර දෙනෙකු සුදුසුකම් අනුව එම ධුරයන් සඳහා උසස් කෙරෙනු ඇති. ඒ කමලසිරි, එස්.එස්. රත්නායක සහ කේ.ඞී. රණසිංහ යන මහත්වරුන්ද ආර්. ධීරසිංහ මහතාමියද එලෙස උසස්වීම් ලබනවා. ඒ කමලසිරි මහතා මහ බැංකුවේ සේවය කළ කාලය වසර 32ක්. එස්.එස්. රත්නායක මහතා වසර 28ක්ද, කේ.ඞී. රණසිංහ මහතා වසර 25ක් සහ ආර්. ධීරසිංහ මහත්මිය වසර 29ක්ද මහ බැංකුවේ සේවය කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.