නව පුරාවිද්‍යාත්මක ස්ථාන හඳුනා ගන්නා සේම ඒවා විනාශ කිරීමේ ප්‍රවණතාවද ඉහළ ගොස් ඇති බව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා. නිධන් වස්තු ලබා ගැනීමේ චේතනාවෙන් මෙන්ම වෙනත් පටු අරමුණු ඇතිව මෙම ජාතික සම්පත් විනාශ කෙරෙන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. පසුගිය කාලයේ උතුරු නැගෙනහිර ප්රදේශවලද මෙවැනි පුරාවස්තු රැසක් සොයා ගැනුනා. ඒ පිළිබඳ විධිමත් ආරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇත්දැයි අප කළ විමසීමකදී උන්වහන්සේ මේ බව කියා සිටියා. උන් වහන්සේ පෙන්වා දුන්නේ ඇතැම් පුද්ගලයින් සතු ඉඩම්වල පුරා වස්තු පවතින බවයි. එහෙත් ඒවායේ අයිතිය තමන්ට අහිමි වේ යැයි සිතා ඔවුන් පුරා වස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි මේධානන්ද හිමියන් කියා සිටියා.
රජයේ බලධාරීන්ට පමණක් මේ සඳහා මැදිහත්විය නොහැකි බවද ප්‍රකාශ කෙරුණාx එහෙත් බොහෝ ස්වේච්ඡා සංවිධාන මෙවැනි කේෂ්ත්‍රයකට අතපෙවීමට මැලිකමක් දක්වන බවයි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පෙන්වා දුන්නේ.
රජයේ බලධාරීන්ට පමණක් මේ සඳහා මැදිහත්විය නොහැකි බවද ප්‍රකාශ කෙරුණාx එහෙත් බොහෝ ස්වේච්ඡා සංවිධාන මෙවැනි කේෂ්ත්‍රයකට අතපෙවීමට මැලිකමක් දක්වන බවයි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පෙන්වා දුන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.