2011-12-22

කැපවීම පෙන්වන්න

ලක් රජය සැබෑ ලෙසම ජාතීන් අතර සමගි සන්ධානයට කැප වන්නේ නම් ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමෙන් එය පෙන්විය යුතු බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත පවසනවා. එහි කතුවැකිය මගින් පෙන්වාදී ඇත්තේ මෙම කොමිසම පත්කරනු ලැබුවේ එවැනි අරමුණකින් බවයි. එම කොමිසම සැකසූ වාර්තාව සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා එල්ල වෙමින් පවතිනවා. එහෙත් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමෙන් ඒවා වළක්වා ගත හැකි බවයි හින්දු පුවත්පත අවධාරණය කළේ. යුද සමයේ සිදු වූ ඇතැම් බරපතල මානව හිමිකම් උල්ලංගණයන් පිළිබඳ මෙම වාර්තාවෙන් අවධානය යොමුකර නැතැයි චෝදනා පවතිනවා. එහෙත් ඒ සියල්ල රජයේ හමුදාවන්ගේ ගිනුමට බැර කළ නොහැකි බවද ද හින්දු පුවත්පත කියා සිටියා. කෙසේ වෙතත් යුද්ධයකදී සිදුවන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී සංවිධානයකට වඩා රජයේ හමුදාවටද වගකීම් පවතිනවා. කෙසේ වෙතත් ඒ පිළිබඳ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ මතය ගැටලූ සහගත බවයි හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ. 2002 සාම ගිවිසුම හරහා දෙපාර්ශ්වයම සමාන ලෙස සැලකුණා. එමගින් පමණක් එල්.ටී.ටි.ඊ. ය සමාන වගකීම් දරන පක්ෂයක් ලෙස ප‍්‍රකාශ කිරීමට උත්සහ කර ඇතැයි එම පුවත්පත කියා සිටියා.  කෙසේ වෙතත් යුද්ධය සඳහා සිවිල් වැසියන්  බලහත්කාරයෙන් යොදා ගනිමින් එල්.ටී.ටී.ඊ.ය සිදුකළ බරපතල මානව හිමිකම් උල්ලංගණය අමතක කළ නොහැකි බවද එමගින් අවධාරණය කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.