2012-01-03

කි‍්‍රකට් නිලවරණය ගැන ICCයට පැමිණිල්ලක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා නිතරගයෙන් අද (03)තේරී පත් වුණා. ඒ කී‍්‍රඩා විද්‍යා ආයතනයේ පැවැති නිලවරණයේදීයි.
මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වයේ සියලූ දෙනා ඉල්ලා අස්වීම හේතුවෙන් තනතුරු සඳහා පුද්ගලයන් නිතරගයෙන් තේරී පත් වුණා. ඡන්ද විමසීමක් පැවැතියේ උප භාණ්ඩාගාරික ධුරය සඳහා පමණයි. ඒ සඳහා ඉදිරිපත් වූ ගිහාන් වීරසිංහ නිලවරණයට පෙර ඉල්ල අස්වුණා. නමුත් ස්වාධීන අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වූ නිහාල් ලෙව්කේ හා අජිත් පැස්කුවල් යන මහත්වරු අතරයි මෙම ඡුන්ද විමසීම පැවතියේ. එහිදී ඡුන්ද 117ක් අජිත් හිමි කර ගනිද්දි නිහාල් ලබාගත්තේ ඡන්ද 3ක් පමණයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අභිනවයෙන් පත් වූ නිල මණ්ඩලය පහත පරිදිවේ.
සභාපති : උපාලි ධර්මදාස මහතා
ලේකම් : නිශාන්ත රණතුංග මහතා
උප සභාපතිවරු : කේ. මතිවානන් මහතා හා අසංග සෙනෙවිරත්න මහතා
උප ලේකම් : හිරන්ත පෙරේරා මහතා
භාණ්ඩාගාරික : නුස්කි මොහොමඞ් මහතා
උප භාණ්ඩාගාරිකවරු   : අජිත් පැස්කුවල් මහතා හා නිහාල් ලෙව්කේ මහතා
විනිසුරු කමිටු සභාපති : මොහොමඞ් අරූස් මහතා
මේ අතර කි‍්‍රකට් ආයතන නිලවරණයෙන් ඉල්ලා අස්වූ තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන මොහාන් ද සිල්වා මහතා  ප‍්‍රකාශ කළේ මෙය දූෂිත හා විනිවිදභාවයෙන් තොරව පැවැත්වූ බවයි. මේ පිළිබඳ ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියා. නමුත් නීති මගින් නිලවරණයට එරෙහිව කි‍්‍රයාමාර්ග නොගන්නා බවයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.