අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් මෙතෙක් වාග් ප‍්‍රහාරයන්ට පමණක් සීමා වූ විරෝධතා වීථි සටන් දක්වා දැඩි කිරීමට පාර්ශ්ව කිහිපයක් සූදානම් වනවා. ලංකා ගුරු සේවා සංගමය පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධාන කරන විරෝධතා උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී අද පැවැත්වීමට නියමිතයි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කරන උද්ඝෝෂණයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම උද්ඝෝෂණ දෙකේදීම ආණ්ඩුවට බල කෙරෙන්නේ දැනට නිකුත් කර ඇති ප‍්‍රතිඵල වහාම අත්හිටුවා පිළිගත හැකි සමීක්ෂණයකින් පසු නිවැරදි ප‍්‍රතිඵල නිකුත් කරන ලෙසයි.2011-12-28
උසස් පෙළ ප‍්‍රතිඵල අවුල වාග් ගැටුමෙන් වීථි සටනට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.