එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය සඳහා ගොවීන්ට අවශ්‍ය ප්ලාස්ටික් කූඩ පහසුවෙන් ලබා ගත හැකි ක‍්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සුනිල් එස්. සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ගොවිජන සේවා අමාත්‍යංශය සමග එක්ව ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. කුලි පදනම යටතේ ගොවීන්ට අවශ්‍ය ප්ලාස්ටික් කූඩ ලබා දීම සඳහා පවතින අවස්ථා පුළුල් කිරීමට ද මෙහීදි අවධානය යොමු වනු ඇති. ජනවාරි මස 15 වැනිදා සිට එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ භාවිත කිරීම අනිවාර්යය කර තිබෙනවා. ඊට පෙර ගොවීන්ට මෙම සහනය ලබා දීමට පියවර ගන්නා බවයි සුනිල් එස්. සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ. බොහෝ ගොවීන් ප්ලාස්ටික් කූඩ භාවිතයට හුරුවෙමින් ඇති බව ද සුනිල් එස්. සිරිසේන මහතා වැඩි දුරටත් කියා සිටියා.2011-12-28
ප්ලාස්ටික් කූඩ ලබා ගැනීමට රජයෙන් ක‍්‍රමවේදයක්
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.