2012-04-22

ලංකාව ගැන මන්මෝහං සිං ට කඩිනම් වාර්තාවක්


සිය ශ‍්‍රී ලංකා සංචාරය පිළිබඳ කඩිනම් වාර්තාවක් අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා වෙත ඉදිරිපත් කරන බව ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිස පවසනවා. එහි සාමාජික සුදර්ශන නාච්චියප්පන් මහතා මේ බව සඳහන් කළේ සංචාරය නිමවා චෙන්නායි ගුවන් තොටුපළට ඊයේ පස්වරුවේ ලගාවිමෙන් අනතුරුවයි. රජය සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කළ සාකච්ඡා සාර්ථක බව ඔහු එහිදී පෙන්වා දුන්නා. මිනිත්තු 45 ක පමණ කාලයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කළ බවත් එහිදී දෙමළ ජනතාවගේ ගැටළු රැසක් විමසා බැලූණු බවත් නාච්චියප්පන් මහතා සඳහන් කළා. තමිල්නාඩුවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාගේ සහ වත්මන් ප‍්‍රධාන අමාත්‍යවරියගේ පක්‍ෂ නියෝජිතයින් මෙම සංචාරයට එක්නොවීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් මන්ත‍්‍රීවරයාගේ මතය කුමක් දැයි විමසා සිටියා. එහිදී සුදර්ශන් නාච්චියප්පන් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ එම පක්‍ෂවලට සිය අරමුණු සහ න්‍යාය පත‍්‍ර යටතේ වැඩ කිරීමට අයිතියක් ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.