2011-12-21

පිළිකා මර්දනයට සියඹලා , දෙළුම් සහ උගුරැස්ස

සියඹලා , දෙළුම් සහ උගුරැස්ස යන දේශීය පළතුරුවලින් පිළිකා මර්දනය කෙරෙන බව නවතම පර්යේෂණයකින් හෙළිව තිබෙනවා. එම පර්යේෂණය මෙහෙයවනු ලැබූයේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ කථිකාචාර්ය මධුමනී අමරරත්න මහත්මිය විසින්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුද ඊට එක් වුණා. ඌණ භාවිත පළතුරු වර්ග කිහිපයක් පර්යේෂණයට ලක් කළ බවයි මධුමනී අමරරත්න මහත්මිය පවසන්නේ. සියඹලා, දෙළුම් සහ උගුරැස්ස යන දේශීය පළතුරුවල ප‍්‍රතිඔක්සිකාරක බහුල බව එහිදී හඳුනාගෙන තිබෙනවා. ප‍්‍රතිඔක්සිකාරක යනු පිලිකා මර්දනයට සමත් රසායනිකයක් බවයි අන්තර්ජාතික පරීක්‍ෂණවලින් තහවුරු කර ඇත්තේ.
හෘදයාබාධ සහ දියවැඩියාව වළක්වාලීමේ හැකියාවද සියඹලා , දෙළුම් සහ උගුරැුස්ස යන පළතුරුවල තිබෙන බව තහවුරු වී තිබෙනවා. පර්යේෂණයට ලක් කළ සෙසු පළතුරු වන්නේ පේර, දෙහි, දිවුල්, ඇඹුල් කාබරංකා සහ බිලිං. පර්යේෂණය තවදුරටත් ව්‍යාප්ත කරමින් වෙනත් පළතුරුද ඇගයීමට ලක් කළහොත් රෝග මර්දන හැකියාව සහිත තවත් පළතුරු වර්ග හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි මධුමනී අමරරත්න මහත්මිය විශ්වාසය පළ කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.