නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට හිමිකම් කියූ ලොව වයස්ගතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ බි්රතාන්යයේ ඩොරිස් ලෙසින්ග්ය. ඇය පෙරේදා උදෑසන ලන්ඩන් නුවර සිය නිවසේදී අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 94 කි.
ස්ත්‍රීවාදී ලේඛිකාවක ලෙස ජනප්‍රිය වී සිටි ඇය 1962 වසරේ රචනා කළ The Golden Notebook නමැති කෘතිය අතිශය ජනප්‍රිය වූ අතර ඕ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට හිමිකම් කීවේ 2007 වසරේදී 88 හැවිරිදි වියේ පසුවද්දීය. 2008 වසරේ ටයිම් ස`ගරාව මගින් නම් කරන ලද 1945 වසරෙන් පසු බි්රතාන්යයේ බිහිවූ හො`දම ලේඛකයන් 50 දෙනාගේ ලැයිස්තුවටද ඩොරිස් ලෙසින්ග් ගේ නම ඇතුළත් වී තිබුණි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.