2011-12-28

ළමයින්ට රැකියා කිරීමේ අවම වයස වැඩි කරන්නැයි යෝජනා

ළමයෙකු රැකියාවක යෙදවිය හැකි අවම වයස අවුරුදු 18ක් දක්වා ඉහළ නැංවිය යුතු බව අධිකරණ අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුහද ගම්ලත් මහතා පෙන්වා දෙන්නේ ඊට අඩු වයසේ ළමයින් රැකියාවක යෙදවීමෙන් සමාජයීය ගැටලූ නිර්මාණ වන බවයි.

ළමයෙකු රැකියාවක යෙදවිය හැකි අවම වයස ලෙස දැනට දක්වා තිබෙන්නේ අවුරුදු 14ක්. අවුරුදු 14 ත් අවුරුදු 18ත් අතර ළමයින් බොහෝ විට බිළිඳුන් බලා ගැනීමේ රැකියාවල යොදවා සිටිනවා. එහෙත් ඒ සඳහා වූ ප‍්‍රමාණවත් හැකියාවක් ඔවුන්ට නොමැති බවයි සුහද ගම්ලත් මහතා පවසන්නේ. එබැවින් ළමයෙකු රැකියාවක යෙදවිය හැකි අවම වයස අවුරුදු 18ක් දක්වා ඉහළ නොදමන්නේ නම් අවම වශයෙන් ඊට අඩු ළමයින් බිළිඳුන් බලා ගැනීමේ යෙදවීමේදී ඔවුන්ට ඒ සඳහා වූ පුහුණුවක් ලබාදිය යුතු බව යෝජනා කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.