2011-12-28

රටවටා මුහුදේ දත්ත රැස් කරයි

රටවටා මුහුදේ දත්ත රැස් කිරීම සඳහා නියමුවන් රහිත ගුවන් යාන සහ දුරස්ථ පාලක මගින් හැසිරවිය හැකි යාත‍්‍රා ද යොදා ගැනීමට නාරා ආයතනය සූදානම් වනවා.
එහි සභාපති හිරාන් ජයවර්ධන මහතා පැවසුවේ නියමුවන් රහිත ගුවන් යානා ඉකුත් යුද සමයේදී එල්.ටී.ටී.ඊ.යේ ඔත්තු බැලීමට යොදා ගැනුනු බවයි. එම යානා මුහුදේ දත්ත රැස් කිරීමටද යොදා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා. දුරස්ථපාලක මගින් හැසිරවිය හැකි යාත‍්‍රා ප‍්‍රංශයෙන් ලබා ගැනීමට නියමිතයි. ඒ සඳහා එරට ආයතන දෙකක් සමග සාකච්ඡා අරඹා ඇතැයි හිරාන් ජයවර්ධන මහතා පවසනවා. මුහුදේ උෂ්ණත්වය , දියයට ස්වභාවය සහ ගැඹුරු ඇතුළු තොරතුරු රැුස් කිරීමට අපේක්ෂිත දත්ත කිහිපයක්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.