2011-12-28

තේන් බෝට්ටු දෙකක් සඟවා ගනියි

තේන් සුළි කුණාටුව හේතුවෙන් ධීවර බෝට්ටු 02 ක් යාපනයට උතුරු ඊශාන මුහුදේ දි අනතුරට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සම්බන්ධීකාරක ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ අනතුරු ඇගවීම් නොතකා මුහුදු ගිය යාත‍්‍රා 02 ක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. අතුරුදන් වු ධිවර බෝට්ටු සෙවීම සඳහා නාවික හමුදාව යාපනයට උතුරු මුහුදේ විශේෂ මෙහෙයුමන් ආරම්භ කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා ප‍්‍රකාශ කළේ එම බෝට්ටු උතුරු ඊශාන මුහුදේ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.