2011-12-28

බි‍්‍රතාන්‍ය සංචාරකයකු ඝාතනය ගැන තවත් අයෙකු අත්අඩංගුවට

තංගල්ලේ සංචාරයක හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු ඊයේ පස්වරුවේ පොලීසියට භාර වුණා. ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට භාර වූ සැකකරුවන්ගේ ගණන 5ක්. තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතාද ඒ අතර සිටිනවා.
ඒ මහතා සහ තවත් අයෙකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය ඊයේ නියෝග කළේ. තවත් තුන්දෙනෙකු ඊට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පොලීසිය පවසන්නේ සැකකරුවන් පලාගිය වාහනයේ හිමිකරුද අත්අඩංගුවට ගත් බවයි. එම වාහනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.