2011-12-30

ලියාපදිංචි නොකළ සංචාරක හෝටල් සොයා මෙහෙයුම්

ලියාපදිංචි නොකළ සංචාරක හෝටල් සොයා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ තංගල්ල ප‍්‍රදේශය තුළ මෙම වැඩපිළිවෙළ දැනටමත් කි‍්‍රයාත්මක කර ඇති බවයි.
සියලූ සංචාරක හෝටල් ප‍්‍රමිතියෙන් ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වුවහොත් නව නීති ගෙන එන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.