2011-12-31

උසස් පෙළ අවුල වෙළෙඳාම් කරන්න එපා

උසස් පෙළ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් පවතින ගැටළු ද වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර ගැනීමට ආණ්ඩුව උත්සහ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එමගින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ උත්තර පත‍්‍ර නැවත සමීක්‍ෂණය මගින් රුපියල් කෝටි ගණනක ආදායමක් උපයා ගැනීම ආණ්ඩුවේ උත්සහය වී ඇති බවයි.  
එක් විෂයක් සඳහා වු උත්තර පත‍්‍ර නැවත සමික්‍ෂණයට රුපියල් 250 ක් අය කෙරෙනවා. ඒ අනුව සාමාන්‍ය පොදු පරික්‍ෂණය ද ඇතුළත් ව විෂයන් 04 ක ප‍්‍රශ්න පත‍්‍ර නැවත සමික්‍ෂණය සඳහා විභාග අපේක්‍ෂකයකු විසින් ගෙවිය යුතු මුදල රුපියල් දහසක්. දැනට නිකුත් කර ඇති ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සැක සංකා පවතින අවස්ථාවක දි එවැනි අය කිරීමක් මගින් විභාග අපේක්‍ෂකයන් තව දුරටත් පිඩාවට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.