2011-12-31

දෙසැම්බරයේ උද්ධමනය ඉහළට

දෙසැම්බර් මාසයේදී උද්දමනය 4.9% ක් වු බව ශ‍්‍රී ලංකා මහබැංකුව පවසනවා. නොවැම්බර් මාසයේ දී උද්දමනය සටහන් වුයේ 4.7% ක් ලෙසයි. ඒ අනුව දෙසැම්බර් මාසයේ දී උද්දමනය 0.2% කින් වැඞී වී තිබෙනවා.
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඞී වීම ඊට හේතු වු බවයි ශ‍්‍රී ලංකා මහබැංකුව පවසන්නේ. කෙසේ වෙතත් මෙම වසරේ සෑම මාසයකම උද්දමනය 10% ට වඩා අඩු අගයක් වුණා. වසරේ වැඩිම උද්දමනය වු 8.9% ක් සටහන් වුයේ අපේ‍්‍රල් මාසයේ දීයි. ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා උද්දමනය ක‍්‍රමයෙන් වැඩි වුණා. මැයි සහ ජුනි යන මාසවලදී 7.1% දක්වා එය අඩු වුවත් ජුලි මාසයේ දී 7.5% දක්වා යළි වැඩි වු බවයි ශ‍්‍රී ලංකා මහබැංකුව පවසන්නේ. අගෝස්තු මාසයේ දී උද්දමනය 7% ක් වු අතර සැප්තැම්බර් මාසයේ දී එය 6.4% ක් ඔක්තෝබර් මාසයේ දී 5.1% ක් ද දක්වා පහත වැටුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.