ධීවර සහ නාවික කටයුතුවලදී තවදුරටත් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. ශී‍්‍ර ලංකාවට උතුරු සහ ඊසාන මුහුද රළු ස්වභාවයක් ගැනීම ඊට හේතුවයි.
‘‘ තේන් ’’ නමැති සුළි කුණාටුව යාපනයේ සිට කිලෝමීටර් 700ක් පමණ ඈතින් ශී‍්‍ර ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ ස්ථාපනය වී ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රට අභ්‍යන්තරයට එතරම් තද වැසි අපේක්ෂා නොකරන බව ප‍්‍රකාශ කෙරුණා. එහෙත් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත්වලට වරින්වර තද සුළං සමග වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යාඥ පී.ජී. යසරත්න මහතා පවසන්නේ.
රට පුරා ප‍්‍රදේශ බොහෝමයක මේ දිනවල පවතින්නේ වෙනදාට වඩා සිසිල් කාලගුණයක් බවද ප‍්‍රකාශ කෙරුණා. ඊට හේතුව තේන් සුළි කුණාටුවයි. එය ශී‍්‍ර ලංකාවෙන් බැහැරව යන තෙක් මෙම සිසිල් කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.