2011-12-28

සෝපානයකදී ලිංගික අතවරයක්

දඹුල්ල මූලික රෝහලේ සෝපානයක් තුළදී රෝගී යුවතියක් අතවරයට ලක්ව තිබෙනවා. ඇගේ වයස අවුරුදු 19 ක් බවයි පොලීසියෙන් ලැබුණු පැමිණිල්ලක සඳහන් වන්නේ.
රෝහලේ සුළු සේවකයෙකු විසින් අතවරය සිදු කළ බවද පැමිණිල්ලේ සඳහන්.
මේ අතර වයස අවුරුදු 22ක් වන යුවතියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගැනුනා. අංකුඹුර කැප්පෙටිගල මාර්ගයේ මානවිල විහාරස්ථානය අසලදී ඊයේ පෙරවරුවේ පැහැර ගැනීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගැනීම සිදු කළ බව පොලීසියට ලැබුණු පැමිණිල්ලක සඳහන්ව තිබෙනවා. එම වෑන් රථයද පැහැර ගැනුනු යුවතියද සොයා ගත් බවයි පොලිසි ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ.

1 comment:

  1. චික් මෙහෙමත් ඉස්පිරිතාල.... ලෙඩෙකුට බෙහෙත් ටිකක් ගන්න යන්න බයයිනේ.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.