උසස් පෙළ පිළිතුරු පත‍්‍ර නැවත ඇගයීමෙන් රජය අතිවිශාල මුදලක් උපයා ගැනීමට තැත් කරන බවට ගුරු සංගම් චෝදනා කරනවා. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාර්ලින් මහතා පෙන්වා දෙන්නේ මෙය සිසුන්ට කරන බලවත් අසාධාරණයක් බවයි. ප‍්‍රතිඵල පිළිබඳ ව්‍යාකූලතාව හේතුවෙන් සෑම විභාග අපේක්ෂකයෙකුම සිටින්නේ චකිතයකින්. එවැන්නන්ගෙන් මුදල් ගරා ගැනීම ආණ්ඩුවේ ඉලක්කය වී ඇතැයි ස්ටාර්ලින් මහතා පෙන්වා දුන්නා.
මේ අතර සරසවි ප‍්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම සඳහා මැයි මාසය දක්වා කාලය අවශ්‍ය බව විශ්ව විiාල ප‍්‍රතිපාදන කොමිසම පැවසුවා. එහි සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා කියා සිටියේ නිසි ප‍්‍රමිතියෙන් යුතුව එය සිදු කිරීමට මාස කිහිපයක් ගත වන බවයි. සභාපතිවරයාගේ මෙම ප‍්‍රකාශයද උසස් පෙළ ප‍්‍රතිඵලවල නිරවiභාවය ප‍්‍රශ්න කරන්නක් බවයි ජෝශෆ් ස්ටාර්ලින් මහතා පෙන්වා දුන්නේ.
මේ අතර සරසවි ප‍්‍රවේශ කඩඉම් ලකුණු මැයි මාසය දක්වා ප‍්‍රමාද වීම නැවත විභාගයට අයදුම්කරන්නන්ට ගැටලූවක් වනවා. එයද සිසුන්ට කරන බරපතල අසාධාරණයක් බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.