2011-12-29

පොලීසියේ හතරක් රිමාන්ඞ්

අධිකරණය නොමග යැවූ බව කියන පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු ලබන 6 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. නියෝගය නිකුත් කළේ කැකිරාව මහේස්ත‍්‍රාත් දර්ශන ද සිල්වා මහතායි. අත්අඩංගුවට ගත් රන් ගුලියක් වෙනුවට තඹ ගුලියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් සිවුදෙනා අත්අඩංගුවට ගැනුනේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි. මොවුන් කැකිරාව රණජයපුර රණවිරු ගම්මානයේ පොලිස් මුරපොළේ සේවය කරමින් සිටි නිලධාරින් වනවා. පසුගිය දිනක මොවුන් විසින් අත්අඩංගුවට ගත් තැඹිලි ගෙඩියක හැඩයෙන් යුතු රන් ගුලියක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී තඹ මිශ‍්‍ර ගුලියක් බවට පත්ව තිබුණා. අනුරාධපුර අපරාධ විමර්ශන එ්කකය අධිකරණය හමුවේ කියා සිටියේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් කි‍්‍රයාත්මක බවයි. එ් පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි කැකිරාව මහේස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.