මෙරට ධීවර ඉතිහාසයේ වාර්තාගත මත්ස්‍ය අස්වැන්න 2011 වසරේදී ලබා ගැනීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේ ගෙවීගිය මාස විස්සක කාලය තුළ මෙටි‍්‍රක් ටොන් හාරලක්ෂ පනස් දහසක මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවයි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා. 2009 වසරේදී වාර්ෂික මත්ස්‍ය අස්වැන්න මෙටි‍්‍රක් ටොන් තුන්ලක්ෂ තිස් නවදහසක් ලෙස පැවතුණා. 2010 වසරේදී එය තුන්ලක්ෂ අසූහතර දහස දක්වා වැඩි වූ බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. 2011 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින සිට එම ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් හාරලක්ෂ පනස් දහස් අටසිය විස්සක් දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී අවධාරණය කළේ.2012-01-03
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.