පොළොන්නරුව මහ රෝහලේ ශාලාවක් තුළ 31 වැනිදා රාති‍්‍රයේ පැවැති නව අවුරුදු සාදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්රමුඛ කණ්ඩායමක් ඒ සඳහා පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
පොළොන්නරුව මහ රෝහලේ සුබසාධක සංගමය විසින් පසුගිය 31 වැනිදා රාති‍්‍රයේ නව අවුරුදු සාදයක් සංවිධාන කර තිබුණා. එහිදී අවට පදිංචි ජනතාවට සහ වාට්ටුවල රැඳී සිටින රෝගීන්ට හිරිහැරවන අන්දමින් ඊට සහභාගි වූවන් කෑකෝ ගසමින් බීමත්ව හැසිරුණු බවයි වාර්තා වන්නේ. රෝහල් ශාලාවක් තුළ එවැනි සාදයක් පැවැත්වීම නීති විරෝධි කටයුත්තක්. එම නිසා එ් සම්බන්ධයෙන් වහා සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා අමාත්‍යංශ ලේකම් වෛi රවීන්ද්‍ර රුබේරු මහතාට නියෝග කර තිබෙනවා.2012-01-03
පොළොන්නරුව රෝහලේ සාදයක් ගැන පරීක්ෂණයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.