පලා නොගොස් අරගල කළ යුතු බව ‘වෙනසක තාරුණ්‍ය “ සංවිධානයේ කැඳවුම්කරු වරුණ රාජපක්ෂ මහතා කියයි. රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ‘වෙනසක තාරුණ්යව්යාපාරය ආරම්භ කිරීම පිළිබඳව දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
‘වෙනසක තාරුණ්‍ය’ පවතින සමාජය වෙනස් කිරීමේ අපේක්ෂාව සහිත සංවිධානයක් බවත්, එය ජනපති පුත් නාමල්ගේ සංවිධානය මෙන් ජනපති පුතුන්ට හෙටක් හදන්න නිර්මාණය වූවක් නොවන බවද ඔහු කීය.
වයස අවුරුදු 15-30 අතර පසුවන සෑම පස් දෙනකුගෙන්ම එක් අයෙක් විරැකියාවෙන් පෙළෙන බවත්. කොළඹ විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකට අනුව එම වයසේ සිටින පිරිසෙන් 70කට ආසන්න පිරිසක් යැපෙන්නේ දෙමාපියන්ගෙන් බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
හතලිස් දහසක් පමණ තරුණියන් පිරිසක් ගණිකා වෘත්තියේ නිරත වෙන බවත්, ඔවුන්ගෙන් බහුතරය ග්‍රාමීය තරුණියන් බවත් පෙන්වාදුන් ඒ මහතා එලෙස පීඩාවට පත් වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න නියෝජනය කරන තරුණ ව්‍යාපාරයක් අවශ්‍ය බවද කීය.
මේ මාධ්‍ය හමුවට ජාතික කමිටු සාමාජකයින් වන ගයනි කොඩිතුවක්කු හා යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් පලනිවෙල් රිචඩ් යන අය සහභාගි වූහ.
උපුටා ගැනීම ශ්‍රී ලංකා මිරර්

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.