සිරිකොත පක්ෂ මූලස්ථානයට ගල් ගසා විනාශ කළ පුද්ගලයින් ද ඔවුන් ආරක්ෂා කරන්නට කටයුතු කරන අයද එක්සත් ජාතික පක්ෂයේ ද්‍රෝහීන් ලෙස සැලකිය යුතු බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ද්‍රෝහීන් පිරිසක් විසින් විනාශ කළ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තමන් විසින් ඉදිරියේදී මුදල් එකතු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේ.
ලක් වනිතා සංවිධානය විසින් පක්ෂ මූලස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට එක්ලක්ෂ දහ දහසක මුදලක් එකී සංවිධානයේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය විසින් ලබාදීමෙන් අනතුරුව අද පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
ත්‍රී රෝද රථ රියදුරන්ගේ බිරින්දෑවරුන්ගේ සංවිධානය විසින්ද මූලස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් 5000 ක මුදලක් අද දිනයේ ලබා දී ඇත. සාටකයට තව දුරටත් ඉදිරියට යන්නට ඉඩ ලබාදිය යුතු නැති බවත් එකී ගමන වහා නැවැත්විය යුතුව ඇති බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. මින් ඉදිරියට කිසිවෙකුටත් එක්සත් ජාතික පක්ෂයේ කකුලෙන් අදින්නට ඉඩනොදෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේයග

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.