2012-01-14

ජවිපෙත් ශිෂ්‍ය අරගල පිටුපස


පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හෙවත් ප‍්‍රමිති ආරක්ෂණ වරප‍්‍රදාන හා සුදුසුකම් රාමුව යන කෙටුම්පත හකුලා ගැනීමෙන් පමණක් නිදහස් අධ්‍යාපනයට එරෙහිව ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් අවසන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.
නිදහස් අධ්‍යාපනය සුරැකීම ආණ්ඩුව ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර දිසානායක මහතා අවධාරණය කළේ.
මේ අතර නිදහස් අධ්‍යාපනය සුරැකීමට සිදු කෙරෙන ශිෂ්‍ය අරගල පසුපස ජනතා විමුක්ති පෙරමුණද සිටින බව අනුර දිසානායක මහතා මෙහිදී පිළිගත්තා. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය අරගල ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන බවට ආණ්ඩුව අවස්ථා ගණනාවකදී චෝදනා කළා. ඒ බව එම පෙරමුණ විසින් ප‍්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව මෙයයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.