පොලිස් ස්ථානාධිපතිවරුන් 18 දෙනෙකුට එකවර මාරුවීම් ලබා දුන්නේ දේශපාලනික හෝ වෙනත් බලපෑමක් නිසා නොවන බව අවධාරණය කෙරෙනවා. මාතර, හක්මන, බේරුවල, අලූත්ගම, බෙන්තොට, මහවෙල සහ නානුඔය යන පොලිස් ස්ථානාධිපතිවරුන් එලෙස මාරුවීම් ලැබූ කිහිපදෙනෙක්.
බලංගොඩ, පෑලියගොඩ, වීරකැටිය, උඩුපුස්සැල්ලෑව , වැලිකන්ද , ගල්කිස්ස, කතරගම, කැකිරාව සහ දික්වැල්ල යන පොලිස් ස්ථානාධිපතිවරුන්ද පොලිස් සුබසාධන අංශයේ ස්ථානාධිපතිවරයාද මාරුවීම් ලබා තිබෙනවා. පොලිස්පතිවරයා මෙම වසරේ සිට හඳුන්වාදුන් ස්ථාන මාරු ප්‍රතිපත්තිය සහ සේවා අවශ්‍යතා මත එලෙස මාරුවීම් ලබාදුන් බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ට මහජනතාවගෙන් ඉහළ ප්‍රසාදයක් තිබෙනවා. එවැන්නන් වෙනස් ස්ථානවලට මාරු නොකර තවදුරටත් මුල් ස්ථානයේම සේවයට යොදවන ලෙසයි මහජනතාව ඉල්ලා සිටින්නේ. එවැනි ඉල්ලීම්වලට සංවේදී වුවත් කිසියම් ස්ථානාධිපතිවරයෙකු නියමිත කාලයට වඩා එකම ස්ථානයකට අනුයුක්ත කිරීම කළ නොහැකි බව පොලිස් ප්‍රකාශකවරයා පැවසුවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.