2012-01-03

තිඹිරිගස්යාය නමගිය ආපනශාලාවේ කෑම පාර්සලයෙන් මුද්දක්

ලංකාවේ නමගිය ආපන ශාලා ජාලයක් වන සෙන්සාල්හි තිඹිරිගස්යාය ශාඛාවෙන් අද (3) දහවල් කෑම පැකට් එකක් මිලට ගත් අයෙකුට අප‍්‍රසන්න අත්දැකීමකට මුහුණපාන්නට සිදුවුණා. එනම් කෑම පාර්සලයේ තිබී මුද්දක් හමුවීමයි.

පාර්සල් කර පෙට්ටියේ අසුරා තිබූ කෑම පාර්සලයක් මිලටගෙන තිඹිරිගස්යාය ප‍්‍රදේශයේම පිහිටි කාර්යාලයට ගෙන ගොස් කෑම කමින් සිටියදී
මේ විශාල ප‍්‍රමාණයේ ඉමිටේෂන් මුද්ද හමුවී තිබෙනවා. මෙම සිදුවීම අද (3) දහවල් 1.00ට පමණ වාර්තාවූ අතර එය සිදුවී ටික වෙලාවකින් අදාළ ආපනශාලා කළමනාකරුට එය දැන්වූ පසු ඔහු මේ පිළිබඳ සමාව ඉල්ලා සිටි බවද වාර්තා වුණා.


source : Gossiplankanews

1 comment:

  1. ඇති හැකි කස්ටිය යන තැන වලත් ඔහොම නම්, සයිවර් කඩේ කොහොම ඇත්ද?

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.