පාර්ශ්ව කිහිපයකින් විවේචන පැවතියද රට පුරා කෙරෙන ශිෂ්‍ය අරගල ජයග‍්‍රහණ හිමිකර ගනිමින් ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවසුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ලෙස ප‍්‍රකට වූ ප‍්‍රමිති ආරක්ෂණ වරප‍්‍රසාද හා සුදුසුකම් රාමුව යන කෙටුම්පත ආණ්ඩුව විසින් හකුලා ගැනීම ශිෂ්‍ය අරගලවල ජයග‍්‍රහණයක් බවයි.
එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ඉවත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කළේ ඊයේ පැවැති කැබිනට් රැස්වීමකදීයි. ඊට එකඟතාව පළ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවා.
මේ අතර ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සම්බන්ධයෙන් සොයා බැලීමට ආචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමද ශිෂ්‍ය අරගලවල ජයග‍්‍රහණයක් බවයි සංජීව බණ්ඩාර පෙන්වා දෙන්නේ. එහෙත් අරගලය තවදුරටත් සිදු කරන බවද අවධාරණය කෙරුණා. උසස් පෙළ ප‍්‍රතිඵල ගැටලූව සාධාරණව විසඳා ගැනීම අධ්‍යාපනය වෙනුවෙන් ප‍්‍රතිපාදන කප්පාදුවට විරෝධය පළ කිරීම වැනි අරමුණු ඊට පාදක කර ගන්නා බවයි ප‍්‍රකාශ කෙරුණේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.