2012-01-13

අරගලයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේත් සහය


රට පුරා සිදු කෙරෙමින් ඇති ශිෂ්‍ය අරගලයට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ද සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන බව ‘‘අපි ශී‍්‍ර ලාංකිකයෝ ’’ සංවිධානය පවසනවා. ඒ සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එම සංවිධානයේ නියෝජිතයෙකු වන උදුල් පේ‍්‍රමරත්න මහතා පවසන්නේ.
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් කොන් කිරීම යුක්ති සහගත නොවන බව අවධාරණය කෙරුණා. එසේ වුවහොත් ඔවුන් නැවත වරක් බෙදුම්වාදී අරගලයකට එක්විය හැකි බවයි උදුල් පේ‍්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ. එබැවින් ඔවුන් දේශපාලන ව්‍යාපාරවලට හවුල් කර ගැනීම අවශ්‍ය බවද පැහැදිළි කෙරුණා.
මේ අතර ආණ්ඩුව පවසන්නේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද සම්බන්ධ කර ගනිමින් ශිෂ්‍ය අරගලයක් මුවාවෙන් ත‍්‍රස්තවාදයක් ඇති කිරීමට උත්සහයක් ඇති බවයි. එම චෝදනාව පදනම් විරහිත බව උදුල් පේ‍්‍රමරත්න මහතා අවධාරණය කළා. ශිෂ්‍ය අරගලය කිසිවිටෙකත් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී නොසිටින බවයි ප‍්‍රකාශ කෙරුණේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.