ජනප‍්‍රිය බොලිවුඞ් නිළි ලාරා දත්තා ඉකුත් සිකුරාදා (20) දියණියක බිහි කලාය. ලාරාගේ සැමියා මේ බව මුලින්ම තමන්ගේ ලඟම මිතුරන් හට හෙළිකොට තිබුණේ ව්වීටර් පනිවිඩයක් හරහාය. ඔවුන්ට සුභපැතුම් රාශියක් එම ට්වීටර් පනිවිඩයට එක්වූ අතර, ඔවුන්ගේ ලඟම මිතුරියක් වන රවීනා තන්ඩන්
“My friends, Lara Dutta and Mahesh Bhupathi are proud parents of a baby girl!!Saira Bhupathi Welcome Angel”!!’’ මෙසේ සුභපතා තිබිනි.
ලාරා සහ ඇගේ සැමියා වන සුප‍්‍රකට ටෙනිස් ක‍්‍රීඩක මහේෂ් භූපති තම දියණියට තබා ඇත්තේ සයිරා භූපති යන නමයි. බොලිවුඩයේ බෙහෙවින් කතා බහට ලක්වූ ලාරා සහ මහේෂ් භූපති අතර විවාහනය සිදුවූයේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේය.
බොලිවුඞ් නලූ නිලියන්ගේ අනියම් සබඳතාල විවාහ දෙකඩවීම් කොතෙකුත් අසන්නට ලැබුණත් ලාරා සාර්ථක ලෙස සිය පවුල් ජීවිතය පවත්වාගෙන යන නිළියක් ලෙසද බොහෝ දෙනෙක් හඳුන්වති.