2013-11-26

කොස්තාපල්ගේ පිහි පහරින් දෙදෙනෙකු රෝහලට

පොලිස් කොස්තාපල්වරයෙකුගේ පිහිඇනුමකට ලක්ව තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු හම්බන්තොට මූලික රෝහලට ඇතුලත් කර සිටිනවා. කතරගම, මයිලගම ප‍්‍රදේශයේදි ඊයේ සවස එම පිහිඇනුම සිදුව තිබෙනවා. තුවාල ලැබුවන්ගෙන් එක් අයෙකු 55 වැනි වියේද අනෙත් පුද්ගලයා 31 වැනි වියේද පසුවනවා. සැකකාර කොස්තාපල්වරයා තිස්සමහාරාම පොලිසියේ සේවය කළ අයෙක්. කතරගම පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප‍්‍රශ්න කිරීම්වලින් හෙලිව තිබෙන්නේ පිහිඇනුමට හේතුව දුරදිග ගිය ඉඩම් ආරවුලක් බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.