පෙම්වතුන් කිහිප දෙනෙකු ඇසුරු කළ හොලිවුඞ් පොප් ගායිකා මැඩෝනා මේ දිනවල සිය පෞද්ගලික ජීවිතයට අලූත් සහකරුවෙකු සොයමින් සිටින බව හොලිවුඞ් පුරවරයෙන් වාර්තා වනවා. 53 වැනි වියෙහි පසුවන මැඩෝනා අවසන් වරට බ‍්‍රාහිම් සයිබට් නම් 24 වැනි වියෙහි පසුවන ප‍්‍රංශ ජාතික නර්තන ශිල්පියෙක් සමගින් පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා තිබුනි.
හදාගත් ළමුන් දෙදෙනකුගේම මවක් වන මැඩෝනා හොලිවුඩයේ ධනවත් කාන්තා චරිත අතරින් ඉදිරියෙන්ම පසුවන්නියකි.
මෑතකදී අන්තර්ජාල වෙබ් අඩවියක් සමගින් කළ කතාබහකදී මැඩෝනා පවසා තිබුනේ තමන්ගේ ජීවිතයට අලූත් සහකරුවෙකු ඉතා ඉක්මනින් අවශ්‍ය බවයි.මැඩෝනා එසේ පවසද්දී ඇයගේ 24 හැවිරිදි ප‍්‍රංශ ජාතික පෙම්වතා මේ වනවිට ප‍්‍රසිද්ධියේ ඇයට අපහාස කිරීමට පටන් ගෙන තිබේ. පසුගියදා ඔහු විසින් "ඕකේ" නැමති සගරාවට ඉන්ටර්විව් එකක් දෙමින් කියා සිටියේ "මැඩෝනාත් අනෙක් ගැහැණුන් මෙන් සමාන්‍ය ගැහැණියක් බවයි’’.